අද තද වැසි සහිත කාලගුණයක්

October 06, 2023 - 7:38 AM
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකියි. 
 
ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා. 
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(lknews.lk)