අද ගිගුරුම් සහිත වැසි

November 07, 2023 - 8:17 AM
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ සඳහන්. 
 
උතුරු, නැගෙනහිර සහදකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකියි. 
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි වනවා. 
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(lknews.lk)