අද වැසි රහිත කාලගුණයක්

January 16, 2024 - 8:52 AM
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. 
 
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව ද එම නිවේදනයේ සඳහන් වනවා.
(lknews.lk)