දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

October 20, 2023 - 6:38 AM
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසිද ඇති විය හැකියි. 
 
බස්නාහිර සහ දකුණුපළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවන බව ද එහි සඳහන්. 
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(lknews.lk)