අද පස්වරුවේ වැසි

October 23, 2023 - 7:40 AM
දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකියි. 
 
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බව ද එහි සඳහන්. 
 
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. 
 
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
(lknews.lk)