ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

December 29, 2023 - 7:20 AM
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 
උතුර, උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම නිවේදනයේ සඳහන්. 
 
අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. 
 
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා.
(lknews.lk)