ඉවත් කිරීමේ නියෝගය නැවත සලකා බලන්නැයි WHO ඊශ්‍රායලයෙන් ඉල්ලයි

October 23, 2023 - 12:53 PM
ඉවත් කිරීමේ නියෝගය නැවත සලකා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබෙනවා.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ උතුරේ සිටින සියලුම දෙනාට රෝහල්වල සිටින අය ඇතුළු කලාපයෙන් ඉවත් වන ලෙස නියෝග කර ඇති බව මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා.

නමුත් එම කාර්යය නිසි පරිදි සිදුකළ නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක Tarik Jašarević සඳහන් කරන්නේ.

Jašarević පවසන්නේ ශල්‍ය හා කම්පන ද්‍රව්‍ය ට්‍රක් රථ හතරක් මෙන්ම නිදන්ගත රෝග සඳහා ඖෂධ මෑතකදී රෆා දේශසීමා හරස් මාර්ගය හරහා ගාසා තීරයට ගෙන ආ නමුත් එය ප්‍රමාණවත් නොවන බවයි.
(lknews.lk)