සුදු වෙන්න ක්‍රීම් ගාන්නෙ බලාගෙනයි

July 07, 2024 - 3:46 PM
රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එසේ නියාමනයක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි එම සංගමය අනතුරු අඟවන්නේ.

මෙම හේතුව මත ඉදිරියේදී මරණ වාර්තා වීමේ හැකියාවක් ද පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.

(lknews)