යුද්ධය නිසා පලස්තීන ළමුන්ගේ පාසල් ගමන මඟ නවතී

September 09, 2024 - 2:59 PM
ගාසා තීරයේ පවතින යුද්ධය හේතුවෙන් ළමුන් හය ලක්ෂ 30,000ක් ඉක්මවූ පිරිසකට පාසල් අධ්‍යාපනය අහිමි වී තිබෙන බව පලස්තීන අධ්‍යාපනය අමාත්‍යාංශය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නව අධ්‍යන වර්ෂය වෙනුවෙන් අද (09) පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට නියමිත සිටි සිසුන් සංඛ්‍යාව 58,000ක් බවයි.

යුද්ධය හේතුවෙන් සිසුන් 39,000කට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ අවස්ථාවද අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

හානි වී ඇති පාසල් ගොඩනැගිලි සංඛ්‍යාව 90ක් වන අතර ළමුන් 25,000කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.


(lknews)