උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත්

February 16, 2025 - 11:42 AM
මෙම දිනවල දිවයිනට බලපා තිබෙන උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය අංශ සඳහන් කළේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එළිමහනේ කටයුතු කරන පුද්ගලයන්, මහා මාර්ගවල වැඩකරන පුද්ගලයන් මෙන්ම කුඹුරු ආශ්‍රිතව වැඩ කරන පුද්ගලයන්ද වඩා කල්පනාකාරී විය යුතු බවයි.

මෙම තත්ත්වයන්වලින් ආරක්ෂාවීමට නම් වැඩිපුර ජලය පානය කරන ලෙසත් වැඩි වශයෙන් ස්භාවික දියර වර්ග පානයට ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබෙනවා.

(lknews.lk)