උණුසුම් කාලගුණය තවදුරටත්

February 26, 2024 - 1:44 PM
වැසි ලැබුණද උෂ්ණාධික කාලගුණ තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙයින් ආරක්ෂා වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පාසල් දරුවන් මෙන්ම වැඩිහිටි ජනතාව මෙම තත්වය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.
(lknews.lk)