ජලය සහ විදුලිය ගැන අවවාදාත්මක නිවේදනයක්

March 13, 2024 - 2:22 PM
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

රට තුළ පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුමද ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවා.
(lknews.lk)