අද ප්‍රභල අකුණු ඇති වීමේ අවදානමක්

November 03, 2023 - 4:24 PM
කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව අද (03) රාත්‍රී 11.30 වන තෙක් එම අවවාදාත්මක දැනුම්දීම වලංගු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 
 
දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, වයඹ සහ උතුරු මැද පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එහි සඳහන්. 
 
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(lknews.lk)

May be an illustration of map and text