අධ්‍යාපනය කඩා කප්පල් කරන පිරිස්වලට ජනපතිගෙන් අනතුරු ඇඟවීම්

July 03, 2024 - 12:25 PM
පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩා කප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කඩා කප්පල්කාරී ක්‍රියාවලට තමා කිසිසේත් ඉඩ නොදෙන බවයි.

අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ලබා දීමේ උත්සවයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(lknews)