CCTV මගින් හඳුනාගත් රථවාහන වැරදි 125කට අවවාද කෙරේ

January 23, 2024 - 4:34 PM
CCTV කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩපත් යැවීමේ නියමු ව්‍යාපෘතිය 2024.01.22 වන දින ආරම්භ කළා. 

ඒ අනුව, ඊයේ දිනය තුළ කොළඹ අවට CCTV මගින් නිරීක්ෂණ කරන ලද රථවාහන වැරදි 125 ක් හදුනාගෙන එම වාහන වල හිමිකරුවන් වෙත මූලික පියවරක් ලෙස අවවාද කිරීමට කටයුතු කළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 
 
මෙහිදි හදුනාගත් වැරදි අතර ප්‍රධාන වශයෙන් තීරු මාරු කර ධාවනය කිරීම සහ නැවැතුම් රේඛාවේ නොනවත්වා ධාවනය කිරීමේ වරදවල් නිරීක්ෂණය වී තිබෙනවා.
(lknews.lk)