කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

September 22, 2023 - 12:12 PM

කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට හෙට පෙරවරු 6.00 සිට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ, පැය 12ක කාලයක් වෙනුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
(lknews.lk)