ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

November 19, 2023 - 2:55 PM
අද (19) උදෑසන 8.30 සිට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා.

ඒ, සපුගස්කන්ද විදුලිබල මණ්ඩලයේ හදිසි බිඳ වැටීමක් සමඟ බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයීම අත්හිටුවීමට සිදුවීම හේතුවෙන්.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක සහ සීදූව නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පෙ, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

අදාළ ජල කප්පාදුව රාත්‍රී 8.30 දක්වා සිදු කෙරෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.

ඊට අමතරව ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවනු ඇති.
(lknews.lk)