අද පැය 10ක ජල කප්පාදුවක්

November 04, 2023 - 12:59 PM
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (04) පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද පස්වරු 07 සිට හෙට (05) පෙරවරු 05 දක්වා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම කප්පාදු කරන බව සඳහන්.
(lknews.lk)