කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

December 09, 2023 - 3:09 PM
අද (09) පස්වරු 5.00 සිට හෙට (10) පෙරවරු 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

ඒ අනුව පැය 16ක කාලයක් මෙසේ ජලය කප්පාදු කෙරෙනු ඇති.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 11, 12,13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.
(lknews.lk)