ජල බිල්පත වෙනුවෙන් ප්‍රදේශ කිහිපයකට කෙටි පණිවිඩයක්

September 25, 2023 - 6:44 PM
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ප්‍රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මගින් මාසික බිල්පත් ලබා දෙන බවට නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව දකුණු කොළඹ, මහනුවර,පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට මෙම කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක කෙරෙනු ඇති.

2023 ඔක්තෝම්බර් 01 වනදා සිට මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම මණ්ඩලය වැඩිදුරටත් පැවසූවේ මෙම ක්‍රමය 2024 ජනවාරි 01 වනදා සිට දිවයින පුරා සම්මත කරන බවයි.
(lknews.lk)