ජල ගාස්තු වැඩි කරන්නේ නැහැ - ඇමති ජීවන්

February 26, 2024 - 9:24 PM
ලබන වසරේ ජනවාරි මස සිට ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් ලබා දීමට කටයුතු කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා.

ඔහු මේ ගැන අදහස් පල කලේ, ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

එමෙන්ම මේ වසරේ ජල ගාස්තු වැඩි නොකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)