ප්‍රදේශ රැසකට පැය 36ක් ජල සැපයුම අත්හිටුවයි

May 28, 2025 - 11:00 AM
මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය දැනුම්දී තිබෙනවා.

ඒ මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම ඉදිකිරීමේදී සිදුවූ ජලනල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන්.

ඒ අනුව අද (28) සවස 2.00 සිට 30වනදා අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබෙනවා.

පේරාදෙණිය පාර, විලියම්ගොපල්ලව මාවත, උසාවි සංකීර්ණය අසළ සිට නගර සභා හන්දිය දක්වාත්, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙණිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීදි ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
 

(lknews)