කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජල සැපයුම අත්හිටුවයි

May 25, 2025 - 10:16 AM
අඹතලේ ජල පවිත්‍රාගාරයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (25) කොළඹ ප්‍රදේශ රැසකට පෙරවරු 08.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල යන ප්‍රදේශවලට සහ කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, අයි.ඩී.එච්, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවලට අදාළ ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි.

(lknews.lk)