ප්‍රදේශ කිහිපයකට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

May 23, 2025 - 11:09 AM
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ පෙරවරු 08.30 සිට පස්වරු 06.30 දක්වා පැය 10ක කාලයක්.

එම මණ්ඩලය සඳහන් කළේ පෑලියගොඩ, වත්තල , ජා - ඇල, කටුනායක, සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

(lknews.lk)