ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

August 10, 2024 - 3:05 PM
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (11) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවීමට ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව යන නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය බල ප්‍රදේශ මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය තවදුරටත් ප්‍රකාශ කළා.