ජල ගාස්තුව අඩු වන ලකුණු

January 11, 2024 - 6:40 PM
ලබන මාසයේදී විදුලි බිල අඩු කළහොත් ජල ගාස්තුවද පහත දැමීමට හැකි වනු ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය ජීවන් තොන්ඩමන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවරදී අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. ජනතාවට හැකි උපරිම සහන ලබා දීමට රජය පියවර ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා මින් ඉදිරියට ජල ගාස්තු සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවයි කියා සිටියේ.
(lknews.lk)