මාස්ක් පැළඳීම නැවතත්?

January 04, 2024 - 12:41 PM
මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට ඇමෙරිකාවේ සමහර රෝහල් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 

ඒ නිව් යෝර්ක්, කැලිෆෝනියා, මැසචුසෙට්ස් සහ ඉලිනොයි යන ප්‍රාන්තවල පිහිටි රෝහල්වලින් බවයි එම වාර්තා පැවසුවේ. 
 
කොවිඩ්, සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන් වනවා. 
 
එමෙන්ම දෙසැම්බර් 17-23 සතිය තුළදී ඇමෙරිකාවේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් 29,000ක් වාර්තා වී ඇති අතර එය ඊට පෙර සතියට සාපේක්ෂව 16%ක වර්ධනයක් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)