ඉදිරි දිනවලදී කාලගුණයේ වෙනසක්
July 31, 2025 - 9:53 AM
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 - 50ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එහි වැඩිදුරටත් සඳහන්.
(lknews.lk)