වැලි සුදූ අත්අඩංගුවට

September 22, 2023 - 12:00 PM
ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝල අවියක් සමඟ අපරාධයක් සඳහා සැරසුනු අංගොඩ වැලි සුදූ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී ඉතාලියේ නිෂ්පාදිත BRUNI MOD 92 වර්ගයේ මි.මී. 08 උණ්ඩ යෙදිය හැකි අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල අවියක් හා එම අවියට සවි කල හැකි පතුරම් ගැබ් 01 ක් සන්තකයේ තබාගෙන සිට ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 වන විදාන මුදියන්සේලාගේ ප්‍රියන්ත සිරිනන්ද නොහොත් චැලි සුදූ යන අය බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මුල්ලේරියාව පොලිස්ථානය වෙත වෙත ඉදිරිපත් කර තිබෙනවා.
(lknews.lk)