බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවෙයි

March 01, 2024 - 5:36 PM
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අද පැවැත්වීමට සැලසුම් කර තිබූ වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඊයේ (29) රාත්‍රියේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ අනුව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස පළාත් අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන් බවයි.
(lknews)