කොදෙව් කාන්තාවෝ ලබන මස ලංකාවට

May 18, 2024 - 1:22 PM
එක්දින සහ T20 තරගාවලියකට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන මස 15, 16 සහ 21 යන දිනයන්වලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඔවුන් ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග 03කට සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පන්දුවාර 20 තරගාවලිය ලබන මස 24, 26, සහ 28 යන දිනයන්වල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

(lknews)