තරගාවලි සංචාරයකට කොදෙව් කාන්තාවන් ලංකාවට

June 04, 2024 - 11:24 AM
බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සඳහා අද (04) උදෑසන කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණියා.

පැමිණි පිරිසට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන් 07 දෙනෙකු ඇතුළත් වනවා.

ඔවුන් එළඹෙන 15, 18 සහ 21 දින පැවැත්වෙන එක්දින තරග 3ක් සඳහා සහභාගී වීමට නියමිත අතර එම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එමෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔවුන් විස්සයි විස්ස තරග 03 කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

(lknews)