තෙත් කලාපීය පුරන් කුඹුරු වෙනත් වගාවන්ට

February 16, 2024 - 12:48 PM

තෙත් කලාපීය පුරන් කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, වී වගා කිරීමට නොහැකි වීමෙන් තෙත් කලාපයේ කුඹුරු ඉඩම් රැසක් මේ වන විට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බවයි.

ඒ අනුව මෙවර අයවැය යෝජනාවක් අනුව ලබන මාසයේ සිට එම ඉඩම් වෙනත් වගාවන් හා සත්ව පාලනය සඳහා මුදා හරින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)