පරණ රියදුරු බලපත්‍ර හිමියන්ට වෙන්න යන දේ

August 20, 2024 - 4:49 PM
අලුත් කළ නොහැකි බර වාහන රියදුරු බලපත්‍ර ලක්ෂ 11ක පමණ ප්‍රමාණයක් මේ වසර අවසන් වීමට පෙර අවලංගු කරන බව මෝටර් රථ වාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ පවසනවා.

එම රියදුරු බලපත්‍ර ලාභීන්ට සහන කාලයක් තුළ නව රියදුරු බලපත්‍ර ලබා ගැනීම සිදුකළ යුතු අතර ඒ සඳහා ඔවුන් නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු විය යුතු බවයි වාර්තා වන්නේ.  

නිශාන්ත වීරසිංහ පවසා සිටියේ  අලුත් කළ නොහැකි සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර හිමියන් ලක්ෂ 10 කගේ බලපත්‍ර ද, ඉදිරියේදී අවලංගු කිරීමට නියමිත බවයි.  

(lknews)