වාහන දුම ගැන කියන්න වට්ස්ඇප් අංකයක්

October 05, 2023 - 7:54 PM
කළු දුමාරය පිටකරන වාහන වැටලීමට වායු විමෝචන අරමුදලෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අධික ලෙස කළු දුමාරය පිටකරන ලොරි, බස් රථ ඇතුළු වාහන සම්බන්ධයෙන් වායු විමෝචන අරමුදලේ 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඕනෑම අයෙකුට පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී ඇති බව සඳහන්.

නීති පිළිනොපදින අදාළ වාහනවල ආදායම් බලපත්‍රය අසාදු ලේඛනගත කිරීමට නියමිතයි.

එලෙස අසාදු ලේඛනගත කෙරෙන වාහන වෙනත් අයෙකුට විකිණීම හෝ පැවරීම කළ නොහැකි බවයි වර්තා වන්නේ.
(lknews.lk)