විජයදාස රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගනියි

November 21, 2024 - 6:27 PM
තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව තම දේශපාලන අනාගතය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බවයි.


(lknews.lk)