සිංහයන්ගේ ටෙස්ට් අවසන් මහා තරගයේ බලාපොරොත්තු බොඳවෙයි?
November 30, 2024 - 6:36 PM
නවතම ICC ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානය දක්වා පසු බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වී තිබෙනවා.
ඒ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීමත් සමඟයි.
එම තරගයට පෙර ශ්‍රී ලංකාව එහි 3වන ස්ථානයේ රැඳී සිටියා.
මේ අතර නවතම ප්‍රසාද ලකුණු සටහනේ දකුණු අප්‍රිකා කණ්ඩායම 2වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර දකුණු අප්‍රිකා කණ්ඩායම මෙම ප්‍රසාද ලකුණු සටහනේ රැඳී සිටියේ 5වන ස්ථානයේයි.
ඒ අනුව මෙම ප්‍රසාද ලකුණු සටහනේ 2වන ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායමට 3වන ස්ථානය දක්වා පසු බැසීමට සිදු වී තිබෙනවා.
කෙසේ වෙතත් එහි පෙරමුණ තවදුරටත් ඉන්දීය කණ්ඩායම හිමි කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 2025 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට තිබෙන අවස්ථාව අවම වී තිබෙනවා.
නවතම ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්,
(lknews.lk)