වින්ඩි ගුණතිලක ජාත්‍යන්තර සම්මානයක් හිමි කර ගනියි

March 27, 2024 - 11:19 AM
ශ්‍රී ලංකික ද්‍රවිඩ ගීතයක් වන ' අයියෝ සාමී ' ගීතය  ගයනා කරන වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළලේදී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට හිමි සම්මානය දිනාගෙන තිබෙනවා.

සම්මාන උළෙල සඳහා ගීතය රචනා කළ පොතුවිල් අසමින් සහ එහි සංගීත අධ්‍යක්ෂණය කළ සනුක වික්‍රමසිංහ ද එක් වී තිබෙන බවයි සඳහන් වන්නේ.
(lknews.lk)