මාසයක් ඇතුළත දැරියන් 168ක් දූෂණයට ලක්වෙලා – 22ක් ගැබ්ගෙන

November 27, 2023 - 11:36 AM

ගත වූ මාසයක කාලය තුළ වයස අවුරුදු 15ට අඩු දැරියන් 168ක් දූෂණය ට ලක් වී ඇති බවත් දැරියන් 22ක් ගැබ්ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරියගේ අවධානය යොමු කළ යුතු බවයි.

ඊට පිළිතුරු ලබා දෙමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ ගැබ්ගත් දැරියන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එසේම ඊට අදාළ තොරතුරු සොයා බලා අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළේ.
(lknews.lk)