ආහාර නොමැතිව ගාසා තීරයේ ජනතාව දැඩි අවදානමක

February 09, 2024 - 12:24 PM
ආහාර හිඟය හේතුවෙන් උතුරු සහ මධ්‍යම ගාසා තීරයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත අවදානමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඔවුන් පවසන්නේ අවම වශයෙන් ලක්ෂ 3ක ජනතාවක් ආහාර නොමැතිව අපහසුතාවයට පත්ව ඇති බවයි.

ඊශ්‍රායලය විසින් ජනතාවට ලබා දෙන ආහාර හමාස් සංවිධානය පැහැරගන්නා බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)