හිඟ නොවූ බිල්පතට මණ්ඩලෙන් රතු නිවේදන නිකුත් කරයි

October 30, 2023 - 3:28 PM
හිඟ විදුලි බිල්පත් නොමැති නිවාස කිහිපයකට විදුලිය විසන්ධි කිරීමේ රතු නිවේදන ලැබී තිබෙනවා.

මේ බව වාර්තා වී ඇත්තේ, කළුබෝවිල පීරිස් මාවත ප්‍රදේශයෙන්.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ, ඔක්තෝම්බර් මාසයේ විදුලිබිල ගණනය කිරීම සඳහා මනු කියවන්නා නොපැමිණි බවයි.

කෙසේවෙතත් ඔක්තෝම්බර් මාසයට අදාළ බිල මෙලෙස රතු නිවේදනයක් ලෙස එම නිවෙස්වලට එවා ඇති බව සඳහන්.
(lknews.lk)