මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් පොලිස් භාරයට

March 08, 2024 - 4:30 PM
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වාලච්චේන සෙම්මන්නෝඩේ ගම්මානයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කර තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බළකායේ වාලච්චේන කඳවුරේ අණ දෙන නිලධාරි පොලිස් පරීක්ෂක කේ. ජී. එල්. කුමාර ලැබී තිබූ තොරතුරකට අනුවයි.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ ගම්මානයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53යි මිලිග්‍රෑම් 240ක්, කේරළ ගංජා ග්‍රෑම් 24යි මිලිග්‍රෑම් 30ක්,මත්පෙති 2,950ක් සහ මුදල් රුපියල් 86,000ක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන් වනවා.
(lknews.lk)