Women’s T20 Asia Cup | බංගලාදේශයට අන්ත පරාජයක් - ඉන්දියාව අවසන් මහා තරගයට

July 26, 2024 - 4:43 PM
2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (26) සමත්වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයේදී බංගලාදේශ කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 80ක් පමණයි.

ඒ අනුව ලකුණු 81ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 11ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී තරග ජයග්‍රහණය කළා.  

ඉන්දීයාව සමඟ අවසන් මහා තරගයට ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම අද රාත්‍රියේ පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයෙන් තීරණය වනවා.

එම තරගය රාත්‍රී 7.00ට ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර පැවැත්වෙනවා.

(lknews)