Women’s T20 Asia Cup | ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට දැවැන්ත ඉලක්කයක්

July 22, 2024 - 3:37 PM
2024 කාන්තා ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මැලේසියා කාන්තා කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එහිදී Chamari Athapaththu ලකුණු 119ක් සහ Anushka Sanjeewani ලකුණු 31ක් රැස් කළා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා මැලේසියා කාන්තා කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 185ක්.

(lknews)