ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භය අදයි

October 05, 2023 - 10:01 AM
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (05) ආරම්භ වීමට නියමිතයි.

එය අද සිට නොවැම්බර් 19 වනදා දක්වා ඉන්දියාවේදී පැවැත්වෙනු ඇති.

තරගාවලියේ සමාරම්භක තරගය පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ලෝක ශූර එංගලන්තය හා අනුශූර නවසීලන්තය අතර අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අහ්මදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදීයි.
(lknews.lk)