මැක්ස්වෙල්ගෙන් ලෝක කුසලානයේ වේගවත්ම වාර්තාවක්

October 26, 2023 - 8:02 AM
ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

ඒ, ලෝක කුසලාන තරගයකදී වේගවත් ම ශතකය වාර්තා කරමින්.

නෙදර්ලන්තයට එරෙහිව ඔහු පන්දු 40කදී ලකුණු 101ක් රැස් කරමින් මෙම වාර්තාව පිහිටුවූ බව සඳහන්.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පන්දු 49කදී ශතකයක් රැස් කළ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රාම්.

ඒ, පසුගිය 7 වන දා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයේදී.
(lknews.lk)