ලෝක කුසලාන කණ්ඩායමේ ස්ථානයක් ඩිල්ෂාන් මධුසංක

November 15, 2023 - 10:48 AM
2023 ලෝක කුසලානයට අදාළව මෙවර ලෝක කුසලාන කණ්ඩායම ප්‍රකාශයට පත්කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම් දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් 12 දෙනෙකු තෝරාගෙන ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංක එහි අතිරේඛ ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබීම විශේෂත්වයක්.

කණ්ඩායමේ නායකයා ලෙස විරාට් කෝලි නම් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් තිදෙනෙකු, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තිදෙනෙක් සහ එක් නවසීලන්ත ක්‍රීඩකයෙකු සංචිතය සඳහා නම් කෙරුණා.

කෙසේ වෙතත් පාකිස්තාන හෝ බංග්ලාදේශ ක්‍රීඩකයින් මේ සඳහා ඇතුලත් කර නොමැති අතර ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ද ඇතුලත්ව නොතිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)