X පරිශීලකයින්ට වාර්ෂික ගාස්තුවක්

October 18, 2023 - 12:19 PM
X, සිය පරිශීලකයින්ගෙන් විශේෂ ගාස්තු අයකිරීමක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රථමයෙන් නවසීලන්තයේ සහ පිලිපීනයේ මූලික විශේෂාංග භාවිතා කරන පරිශීලකයින්ගෙන් මෙසේ ගාස්තු අයකරන බව සඳහන්.

එහිදී මූලික අත්හදා බැලීම යටතේ, පිලිපීනයේ සහ නවසීලන්තයේ නව පරිශීලකයින්ට X සමඟ සම්බන්ධ වීමට සහ එහි පළ කිරීමට සෑම වසරකම පිළිවෙලින් $0.75 සහ $0.85 ගෙවීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ගෝලීය වශයෙන් සියලුම නව පරිශීලකයින්ගෙන් වාර්ෂික ගාස්තු අයකිරීමට ද නියමිතයි.
(lknews.lk)