යාගි සුළි කුණාටුවෙන් ජීවිත 60ක් අහිමි වෙයි

September 10, 2024 - 9:31 AM
මේ වසරේ ආසියානු මහද්වීපයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය වන බවයි වාර්තා වන්නේ.

මෙම සුළි කුණාටුව මඟින් උතුරු වියට්නාමයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යාගි සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයන් 60දෙනෙක් මියගොස් ඇති බවයි.

යාගි සුළි කුණාටුව පළමුව චීනයට ඇතුළු වූ අතර ඉන් පුද්ගලයන් 24දෙනෙක් මිය ගොස් තිබෙනවා.



(lknews)