E සිගරට්ටුවලට මෙරට තරුණ පිරිස් ඇබ්බැහි වෙයි

September 26, 2023 - 10:34 AM
මෙරට තරුණ තරුණියන් අතර නවතම E සිගරට් වර්ගයේ ප්‍රභල ඇබ්බැහිකාරක ඉලෙක්ට්‍රෝනික දුම්වැටි වර්ගයක් ව්‍යප්ත වෙමින් පවතින බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසනවා.

එහි අඩංගු මත්කාරකය නිකොටීන් වන අතර මෙය ප්‍රභල ඇබ්බැහිකාරකයක් බව සඳහන්.

මෙහි විවිධ නිෂ්පාදන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විවිධ රසයන්ගෙන් සහ සුවදින් යුතු නිෂ්පාදන වෙළෙඳපොළ තුල මිලදී ගැනීමට ඇති බව සඳහන්.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය අවධාරණය කරන්නේ, මින් දරුවන් ආරක්ෂා කර ගැනීමට දැඩි වෙහෙසක් දැරිය යුතු බවයි.
(lknews.lk)